ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ලොකු පුටුවට නැවත සවීන් සේමගේ පත්වෙයි
ජාතික ඖෂධ නියාමන අධිකාරීයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස විශේෂඥ වෛද්‍ය සවීන් සේමගේ මහතා පත්කර තිබේ.
2021 වසරේ නොවැම්බර් මාසයේ සිට 2022 වසරේ මැයි මාසය දක්වා එම තනතුරේ කටයුතු කළ ඔහු අනතුරුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සේවයට එක්වුණි.
අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන සවීන් සේමගේ මහතා වසර ගණනාවක සිට ධර්මාශෝක විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ විධායක සභාවේ නිලධාරියෙකු ලෙස ද කටයුතු කරමින් සිටී.